සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන - 2026.04.03

සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන – 2026.04.03

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන “සතිමග්ග” වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2026 අප්‍රේල් 03 වන සිකුරාදා දින නාගානන්ද ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

සතිමග්ග වැඩසටහනේ මෙවර සම්පත්දායකයාණන් වහන්සේ ලෙස දැලිවල බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළ අතර, උන්වහන්සේ විසින් ධාතු මනසිකාර භාවනාව පිළිබඳ සතිමග්ග සැදැහැවතුන්ට අනුශාසනා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂූන් වහන්සේලා, බුද්ධශ්‍රාවිකාවන් සහ “සතිමග්ග” වැඩසටහනේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූහ.

“සතිමග්ග” වැඩසටහන පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා හා මගපෙන්වීම යටතේ, බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සම්බන්ධීකරණය කරනු ලබයි.