ඔබේ අනාගතයට අර්ථවත් උපාධියක් - බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා

ඔබේ අනාගතයට අර්ථවත් උපාධියක් – බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා

සාමාන්‍ය (General) හා විශේෂ (Special) – 2027 බඳවාගැනීම.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය (NIIBS), මානෙල්වත්ත, කැලණිය.

බෞද්ධ දර්ශනය, සංස්කෘතිය හා මානව චින්තනය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාගනිමින් ඔබේ අධ්‍යාපනික හා වෘත්තීය අනාගතය ගොඩනගාගැනීමට දැන් ඔබට සුවිශේෂ අවස්ථාවක් උදාවී ඇත.

NIIBS වෙතින් ඔබේ උපාධිය හැදෑරිය යුත්තේ ඇයි?

  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලත් උපාධි ප්‍රදානය කරන ආයතනයක් වීම.
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් උපාධි පාඨමාලාවක් වීම.
  • දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවීම.
  • රාජ්‍ය හා පෞද්ගලික අංශවල වෘත්තීය අවස්ථා සඳහා මෙන්ම පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පදනම ගොඩනගාගැනීමට හැකිවීම.
  • දැනුමට අමතරව විචාරාත්මක චින්තනය, සන්නිවේදන හැකියාව සහ පර්යේෂණ කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබීම.

ඇතුළත් වීමේ සුදුසුකම්

  • ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වීම. හෝ
  • ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වීම.

පාඨමාලාවේ විශේෂතා

  • සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව.
  • උපාධි පාඨමාලාවට සමගාමීව පාලි, සංස්කෘත, ඉංග්‍රීසි නොමිලේ හැදෑරීමේ අවස්ථාව.
  • ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා, ශිෂ්‍ය උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශනය.
  • මෙහෙණින් වහන්සේලා සඳහා පූර්ණ ශිෂ්‍යත්ව.

පාඨමාලා ගාස්තුව

වසරකට රු. 71,500/-
වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ද සලසා ඇත.

දේශීය උරුමය හා ජාත්‍යන්තර අධ්‍යාපනික අත්දැකීම ඒකාබද්ධ වූ ගුණාත්මක උපාධියක් සමඟ ඔබේ අනාගතයට නව මාවතක් විවර කරගන්න.

2027 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් දැන් භාරගනු ලැබේ.

ලියාපදිංචිය සඳහා:
පහත සබැඳියෙන් අයදුම්පත ලබාගෙන සම්පූර්ණ කරන ලද අයදුම්පත විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන්න.

අයදුම්පත:
https://drive.google.com/drive/folders/1uE33aNhd9pFMn4nyF39m9BujSPUXb3TN?usp=sharing

විද්‍යුත් තැපෑල: registration@niibs.edu.lk / febs@niibs.edu.lk
විමසීම්: 074 1817 840 l 077 279 4774 | 0112 904 658

BA Sinhla