භාවනා පුහුණු සැසියක් සාර්ථකව නිමාවට

භාවනා පුහුණු සැසියක් සාර්ථකව නිමාවට

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් මෙහෙයවනු ලබන මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ “බෞද්ධ භාවනාව හා උපදේශනය” විෂය පත්‍රය යටතේ පැවති භාවනා පුහුණු සැසියක් සාර්ථකව අවසන් කරන ලදි.

මෙම ප්‍රායෝගික සැසිය සිසුන්ට යෝග භාවනාව පිළිබඳ නව අත්දැකීම් ලබා දීමේ වටිනා අවස්තාවක් වූ අතර, ඔවුන්ගේ භාවනා සම්බන්ධ සුභවාදී දැක්ම වර්ධනය වීමටත් හැකියාව මේ තුළින් උදා විය. මෙම සැසිය ප්‍රවීණ යෝගාචාර්ය ලිලානන්ද වික්‍රමාරච්චි ආචාර්යතුමා විසින් මෙහෙයවනු ලැබුවේය. මේ සදහා විද්‍යාර්ථීන් ඉතා උද්යෝගයෙන් සම්බන්ධ වූ අතර භාවනාව සම්බන්ධයෙන් සුභවාදී දැක්මක් ඔවුන් සතුවීම බෞද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන් අපහට සතුටට කරුණකි.