සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන – 2024.10.26

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2024.10.26 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම වැඩසටහන කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධ අධ්‍යයන පීඨයේ, කථිකාචාර්ය, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ, වැඩබලන පිඨාධිපති, ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.