නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ 2025 අධ්‍යයන වර්ෂය සඳහා මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමාවට සිසුන් බදවා ගැනීම ආරම්භ කර ඇත!
පාඨමාලාවේ ස්වභාවය:
- කාලය මාස 12
- Credits 30
- SLQF Level 3
- පාඨමාලා මාධ්‍යය: 75% මාර්ගගත දේශන (Online) (සියලු දේශන වල පටිගත දර්ශන පාඨමාලාව අවසන් වන තෙක් ම නැරඹිය හැකිය.)
- උපදේශක මණ්ඩලය: මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය සම්බන්ධයෙන් මනා පරිචයක් ඇති මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්.
- විශේෂ දේශන, පුහුණු සැසි, ක්ෂේත්‍ර චාරිකා (Field Trips)
සුදුසුකම්:
- G.C.E. (A/L) සමත් අයදුම්කරුවන් (ඕනෑම විෂය ප්‍රවාහයකින්) වයස් සීමාවක් නොමැත!
පාඨමාලා ගාස්තුව:
පාඨමාලා ගාස්තුව රු 40,000ක් වන අතර එය වාරික 3ක් යටතේ ගෙවීම් සිදු කළ හැකිය. (ලියාපදිංචි ගාස්තු පළමු වාරිකයට අයත් බව සළකන්න)
- පළමු වාරිකය – රු 10,000
- දෙවන වාරිකය – රු 15,000
- තෙවන වාරිකය – රු 15,000
ශ්‍රී ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක BA උපාධි පාඨමාලාවක් හදාරන සිසුන්ට පාඨමාලා ගාස්තු අය කිරීම 50% ක් පමණයි. (රු 20,000)
- පළමු වාරිකය – රු 6,000
- දෙවන වාරිකය – රු 7,000
- තෙවන වාරිකය – රු 7,000
ලියාපදිංචි වීම සඳහා:
මෙහි ඇති අයදුම්පත පුරවා පහත දැක්වෙන ඊමේල් ලිපිනයට යොමු කරන්න.
පාඨමාලා අයදුම්පත්‍රය පහත ලින්ක් එක ඔස්සෙ ලබාගන්න
https://drive.google.com/file/d/1g3cSrBATotzuWEeyJfgP5bPT-8hMCgeJ/view?usp=sharing
ඊමේල්: febs@niibs.edu.lk
සම්මුඛ පරීක්ෂණය: 2025 ජනවාරි 18 වන සෙනසුරාදා පෙරවරු 10.00 සිට 12.00 දක්වා
ස්ථානය: නාගානන්ද විශ්වවිද්‍යාලය, C3 ගොඩනැගිල්ල, VIP ශාලාව
පාඨමාලාව අවසානයේ රජයේ පිළිගත් වටිනා ඩිප්ලෝමා සහතික පත්‍රයක් හිමිවේ.
ඔබේ උපදේශන දැනුමෙන් අන් අයගේ ජීවිතේ අලුත් මගක් විවෘත කරන්න!