බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාට ගෞරවයෙන් පැවැත්වුණු සමුගැනීමේ උත්සවය

බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්යවරයෙක් ලෙස කැපවීමෙන් සේවය කළ ආචාර්ය හසන්ත වාසනා සමරසිංහ මහතාගේ සමුගැනීමේ උත්සවය 2026 ජනවාරි 22 වන දින සවස 3.00ට පැවැත්විය.

ඔහු විසින් ඉගැන්වීම හා ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු තුළ සාර්ථක දායකත්වයක් ලබා දී ඇති අතර, ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපනික ගමනට අගනා මඟපෙන්වීමක් සපයා ඇත. ඔහුගේ එම සේවාව ගෞරවයෙන් සිහිපත් කරමින් මෙම සමුගැනීමේ අවස්ථාව සංවිධානය කරන ලදී.

මෙම උත්සවය බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති පූජ්‍ය ආචාර්ය දම්පේ විජිතරතන ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණු අතර, පශ්චාත් උපාධි පීඨයේ ගරු පීඨාධිපති සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා ද සහභාගි විය.

ආචාර්ය හසන්ත මහතාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි අපගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමු.