කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2025.08.30 වන සෙනසුරාදා දින බණ්ඩාරගම, වීදාගම, ධර්ම චක්‍ර ළමා පදනම මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය කන්දේකුඹුරේ පේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ.
ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.
මෙම වැඩසටහන කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධ අධ්‍යයන පීඨයේ, කථිකාචාර්ය, ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.















