කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් සංවිධානය කරන ලද ත්‍රිපිටක-පාලි වැඩසටහන යටතේ, අභිධර්ම සාකච්ඡා මාලාවේ තවත් වැඩසටහනක් 2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා පස්වරු 3.30 සිට 5.30 දක්වා පැවැත්විණි.
මෙහිදී ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් “විභඞ්ගප්පකරණ – පටිච්චසමුප්පාදවිභඞ්ගය” යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදි.






















