සතිමග්ග භාවනා පුහුණු වැඩසටහන – 2024.02.02

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ හත්වන භාවනා පුහුණු වැඩසටහන 2024.02.02 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට අනුබද්ධ – ගම්පහ, ඉහළ යාගොඩ මිහිඳු ආරණ්‍ය සෙනසුනේ දී පැවැත්වූ අතර එම වැඩසටහනෙහි සම්පත්දායකයාණන් වහන්සේ ලෙස පූජ්‍ය ගතාරේ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩම කොට වදාළහ.

ඒ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, භික්ෂූන් වහන්සේ, බුද්ධශ්‍රාවිකාවන් ඇතුලු සතිමග්ග වැඩසටහනෙහි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම වැඩසටහන කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධ අධ්‍යයන පීඨයේ, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය හසන්ත සමරසිංහ මහතා විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.