මියන්මාරයට මනුෂ්‍යත්ව සහාය: නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ විශේෂ සාකච්ඡාව

මියන්මාරය හෙවත් බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මැන්ඩලේ නගරය ආසන්නයේ පසුගිය (28) දින සිදුවූ භූමිකම්පාවකින් දහස් ගණනක් එරට වැසියන් මියගිය අතර තවත් එවැනිම පිරිසක් විපතට පත්විය.

බුද්ධ කාලයේ ස්වර්ණදේශය ලෙස හැඳින්වූ බුරුම රට සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක පටන් පැවති ශාසනික හා රාජ්‍යත්‍රාන්තික සම්බන්ධය සැලකිල්ලට ගෙන එරට විපතට පත් ජනතාවට සරණක්වීම සඳහා ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් මරදාන මකුටාරාම බුරුම විහාරස්ථායේදී ඊයේ (31) දින සිදුවිය.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යලයේ නිර්මාතෘ සහ උපකුලපති පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා පරිදී නියෝජ්‍ය උපකුලපති ආචාර්ය දම්පේ විජිතරතන නාහිමි, උපකුලපති සම්බන්ධීකාරක කථීකාචාර්ය සූරියවැව සුමේධ හිමි සහ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුනෙත් බණ්ඩාර මහතා සහභාගීවූ අවස්ථාවේ අද (01) දින බෝදාගම චන්දිම නාහිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මියන්මාරය බලා වෛද්‍ය කණ්ඩායමක් පිටත්කර යැවීම සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලදි.