මහාචාර්ය ජී.ඒ. සෝමරත්න මහතා විසින් “මුල්බුදුසමය හා ආගම” යන මැයෙන් පවත්වන ලැබූ විශේෂ දේශනය

හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජී.ඒ. සෝමරත්න මහතා විසින් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන්නට යෙදුණු විශේෂ දේශන මාලාවේ දෙවැනි දේශනය “මුල්බුදුසමය හා ආගම” යන මැයෙන් පවත්වන්නට යෙදුණි.

මේ අවස්ථාව සඳහා පීඨයේ විද්‍යාර්ථිීන් වගේම ආචාර්යවරුන් ද සහභාගී වී සිටිය අතර පිළිගැනීම පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් විසින් සිදුකරනු ලැබීය.