නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් (NIIBS Campus) ඔබ උපාධියක් ලබාගත යුත්තේ ඇයි?
- නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය (NIIBS Campus) උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් උපාධි පිරිනමන, අගනුවර පිහිටි සුවිශේෂ අධ්‍යාපන ආයතනයකි.
- මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බව පවසන්නේ සාඩම්බරයෙනි.
- ඔබගේ සිහිනය විධිමත් ශාස්ත්‍රිය අධ්‍යාපනයකින් පසු රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නම්, මෙම විශ්වවිද්‍යාලය ඒ සඳහා නොවරදින මාවත යි.
- මෙම විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීම සඳහා ඔබටත් වරම්.
උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා සුදුසුකම්:
- ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ සමත් වීම, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වීම හෝ ආයතනයේ සනාතන සභාව පිළිගත් අ.පො.ස. උසස්පෙළ හා සමාන වෙනත් සුදුසුකම්.
පාඨමාලා ගාස්තු සහ ගෙවීමේ පහසුකම්:
- ඉතා සහනදායි පාඨමාලා ගාස්තුවක් එනම් සාමාන්‍යවේදී උපාධි පාඨමාලාව සඳහා එක්ලක්ෂ අනූපන්දහහක් අයකෙරෙන අතර එක් වර්ෂයක් සඳහා රුපියල් හැටපන්දහසකි. එය ද වාරික වශයෙන් ගෙවිය හැකි වීම මෙම පාඨමාලාවේ විශේෂත්වයක්. වෙනත් සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත.
මෙම පාඨමාලාවෙහි විශේෂතා:
- බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමේ හැකියාව.
- උපාධි පාඨමාලාවට සමගාමීව පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, මනෝවිද්‍යාව සහ තොරතුරු තාක්ෂණය, විචාරාත්මක චින්තනය ආදිය පිළිබඳ පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව.
විද්‍යාර්ථීන්ට ලැබෙන විශේෂ පහසුකම්:
- නවීන උපාංග සහිත පංතිකාමර.
- අතිනවීන සම්මන්ත්‍රණ ශාලා.
- සුඛෝපභෝගී නේවාසික පහසුකම්.
- පුස්තකාල පහසුකම්.
- සහන මිලකට ලබාදෙන නිසි ප්‍රමිතියෙන් යුක්ත ආහාර.
ආචාර්ය මණ්ඩලය:
- දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්ය, කථිකාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවනු ලැබේ.
විද්‍යාර්ථීන්ට හිමිවන සුවිශේෂ අවස්ථා:
- මෙහෙණීන් වහන්සේලාට පූර්ණ ශිෂ්‍යත්ව.
- වාර්ෂිකව තෝරාගත් විද්‍යාර්ථීන්ට පූර්ණ ශිෂ්‍යත්ව.
- උපාධියෙන් පසු විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනීමට ශිෂ්‍යත්ව.
- ක්ෂේත්‍ර චාරිකා.
- ශිෂ්‍ය උපදේශන සහ වෘත්තීමය මාර්ගෝපදේශ.
ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අත්දැකීම අත්විඳිමින් ලොව පිළිගත් අභ්‍යන්තර උපාධියක් ලබාගැනීමට අද ම එකතු වන්න.