බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයෙන් (NIIBS Campus) ඔබ උපාධියක් ලබාගත යුත්තේ ඇයි?

  • නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය (NIIBS Campus) උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් උපාධි පිරිනමන, අගනුවර පිහිටි සුවිශේෂ අධ්‍යාපන ආයතනයකි.
  • මෙම ආයතනයෙන් උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් විශාල ප්‍රමාණයක් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටින බව පවසන්නේ සාඩම්බරයෙනි.
  • ඔබගේ සිහිනය විධිමත් ශාස්ත්‍රිය අධ්‍යාපනයකින් පසු රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නම්, මෙම විශ්වවිද්‍යාලය ඒ සඳහා නොවරදින මාවත යි.
  • මෙම විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීම සඳහා ඔබටත් වරම්…

උපාධි පාඨමාලාවට ඇතුළත් වීම සඳහා සුදුසුකම්:

ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ සමත් වීම, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සමත් වීම හෝ ආයතනයේ සනාතන සභාව පිළිගත් අ.පො.ස. උසස්පෙළ හා සමාන වෙනත් සුදුසුකම්.

පාඨමාලා ගාස්තු සහ ගෙවීමේ පහසුකම්:

ඉතා සහනදායි පාඨමාලා ගාස්තුවක් එනම් සාමාන්‍යවේදී උපාධි පාඨමාලාව සඳහා එක්ලක්ෂ අනූපන්දහහක් අයකෙරෙන අතර එක් වර්ෂයක් සඳහා රුපියල් හැටපන්දහසකි. එය ද වාරික වශයෙන් ගෙවිය හැකි වීම මෙම පාඨමාලාවේ විශේෂත්වයක්. වෙනත් සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත.

මෙම පාඨමාලාවෙහි විශේෂතා:

  • බෞද්ධ අධ්‍යයන පිළිබඳ (සාමාන්‍ය) සහ (ගෞරව) ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමේ හැකියාව.
  • උපාධි පාඨමාලාවට සමගාමීව පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, මනෝවිද්‍යාව සහ තොරතුරු තාක්ෂණය, විචාරාත්මක චින්තනය ආදිය පිළිබඳ පාඨමාලා නොමිලේ හැදෑරීමට අවස්ථාව.

විද්‍යාර්ථීන්ට ලැබෙන විශේෂ පහසුකම්:

  • නවීන උපාංග සහිත පංතිකාමර.
  • අතිනවීන සම්මන්ත්‍රණ ශාලා.
  • සුඛෝපභෝගී නේවාසික පහසුකම්.
  • පුස්තකාල පහසුකම්.
  • සහන මිලකට ලබාදෙන නිසි ප්‍රමිතියෙන් යුක්ත ආහාර.

ආචාර්ය මණ්ඩලය:

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මහාචාර්ය, කථිකාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවනු ලැබේ.

විද්‍යාර්ථීන්ට හිමිවන සුවිශේෂ අවස්ථා:

  • මෙහෙණීන් වහන්සේලාට පූර්ණ ශිෂ්‍යත්ව.
  • වාර්ෂිකව තෝරාගත් විද්‍යාර්ථීන්ට පූර්ණ ශිෂ්‍යත්ව.
  • උපාධියෙන් පසු විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනීමට ශිෂ්‍යත්ව.
  • ක්ෂේත්‍ර චාරිකා.
  • ශිෂ්‍ය උපදේශන සහ වෘත්තීමය මාර්ගෝපදේශ.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක අත්දැකීම අත්විඳිමින් ලොව පිළිගත් අභ්‍යන්තර උපාධියක් ලබාගැනීමට අද ම එකතු වන්න.

පාඨමාලා අයදුම්පත්‍රය පහත ලින්ක් එක ඔස්සෙ ලබාගන්න

https://fbs.niibs.lk/wp-content/uploads/2023/12/BA-Application-Form-Sinhala.pdf

BA Sinhala