කැලණිය අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්ම විෂය ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුභවතුන් සඳහා සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් අද (19) දින පෙරවරුවේදී මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති සාහිත්‍යශූරී පූජ්‍යපාද ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ගුරු පුහුණු වැඩසටහන බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි කථිකාචාර්ය සම්පත් සුරංග මහතා, ලේඛකාධිකාරීතුමා ඇතුලු පිරිසක් සහභාගී වූ අතර මේ අවස්ථාව කලාප අධ්‍යාපන බුද්ධධර්මය විෂය අධ්‍යක්ෂ දබොරේ පියරතන හිමියන් විසින් සංවිධානය කරන ලදි. කලාප විෂය උපදේශක තිලකසිරි හිමියන් හා වික්‍රමසිංහ මහතා ඇතුලු සියලුම ආචාර්යභවතුන් සහභාගී වි සිටියහ.