උසස්පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය පත්‍රය සඳහා පෙනී සිටින දුවාදරුවන් සඳහා පවත්වනු ලැබු සම්මන්ත්‍රණය

මෙවර උසස්පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය පත්‍රය සඳහා පෙනී සිටින දුවාදරුවන් සඳහා සුවිශේෂී සම්මන්ත්‍රණයක් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨය මඟින් සංවිධානය කරන්නට යෙදුණි. මේ සඳහා කැලණිය කලාපයේ පාසල් උසස් පෙළ සිසුන් සහභාගී කරගැනීම සිදු වූ අතර උපකුලපති සාහිත්‍යසූරි ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වු වැඩසටහනකි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ මහාචාර්ය නිලන්ත පී. දිසානායක, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන උපදේශක මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිල්ෂාන් මනෝජ් රාජපක්ෂ, කථිකාචාර්ය රක්ෂණ සුපුන් කලුආරච්චි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජනී මලවිපතිරණ යන විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්යවරුන් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබිණි.